Crypto සිංහලෙන්
නීතිමය

Disclaimer සහ භාවිත නියම

අධ්‍යාපනය පමණයි

Crypto සිංහලෙන් වෙබ් අඩවියේ ඇති පාඩම්, patterns, market analysis, predictions, chart AI ප්‍රතිඵල සහ වෙනත් සියලු අන්තර්ගතය අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. මේවා මූල්‍ය, ආයෝජන, නීතිමය හෝ බදු උපදෙස් නොවේ. අපි ලියාපදිංචි ආයෝජන උපදේශකයින් නොවේ.

සහතිකයක් නැහැ

Market analysis සහ predictions සාදන්නේ indicators, chart structure සහ AI ආකෘතියක් භාවිතයෙන්. ඒවා වැරදි විය හැකියි. අතීත ප්‍රතිඵල (accuracy page එකේ ඇති ඒවා ද ඇතුළුව) අනාගත ප්‍රතිඵල සහතික කරන්නේ නැහැ.

අවදානම

Crypto මිල ඉතා අස්ථාවරයි; ඔබ යොදන මුදල සම්පූර්ණයෙන්ම අහිමි විය හැකියි. Leverage/futures වලින් අවදානම තවත් වැඩි වේ. නැති වුණත් දරාගත හැකි මුදල් පමණක් යොදන්න, සෑම trade එකකටම stop loss එකක් දාන්න, එක trade එකකට capital එකෙන් 1–2% කට වඩා අවදානමට ලක් නොකරන්න.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

Cryptocurrency ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල ගෙවීම් මාධ්‍යයක් ලෙස පිළිගෙන නැති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව crypto ආශ්‍රිත අවදානම් ගැන මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඔබේ ක්‍රියාකාරකම් දේශීය නීති හා විදේශ විනිමය නියාමනවලට අනුකූල දැයි ඔබම තහවුරු කර ගන්න.

ඔබේ තීරණ ඔබේ වගකීමයි

මෙම වෙබ් අඩවියේ තොරතුරු මත පදනම්ව ඔබ ගන්නා ඕනෑම තීරණයක ප්‍රතිඵලයට ඔබ පමණක් වගකියනවා.